අනුරගේ ප්‍රකාශය ජාතිවාදී අරමුණකින් සිදුකළ ප්‍රකාශයක් නෙවෙයි – සුමන්තිරන්

ma-sumanthiran-g

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ජාතිවාදී ප්‍රකාශයක් සිදුකළා යැයි තමන් විශ්වාස නොකරන බව ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් පවසනවා.

තමා අනුර කුමාර දිසානායක ගැන හොඳින් දන්නා බවත් ඔහු විසින් සිදුකළ එම ප්‍රකාශය ජාතිවාදී අරමුණකින් සිදුකළ එකක් නොවන බවයි යාපනය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජනතාව බලාපොරොත්තු වන වෙනස ගෙන්වා ගැනීමට අනුර කුමාර දිසානායක හා ඔහුගේ පක්ෂය සමඟ කටයුතු කිරීමට සූදානම් බවද එම්.ඒ. සුමන්තිරන් වැඩිදුරටත් සඳහන් කළා.