ඉපලෝගම යතුරුපැදි අනතුරකින් යුද හමුදා ලාන්ස්කෝප්‍රල්වරයකු මරුට

death

24-08-30
කැකිරාව කුෂාන් ජයවර්ධන

ඉපලෝගම යතුරුපැදි අනතුරකින් යුද හමුදා ලාන්ස්කෝප්‍රල්වරයකු මරුට

අද (30) සවස ඉප⁣ලෝගම ප්‍රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් යුධ හමුදා ලාන්ස්කෝප්‍රල්වරයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කැකිරාව එප්පාවල මාර්ගයේ මහ මීගස්සෑගම ප්‍රෙද්ශයේදී අද (30) පසවස 4.30ට පමණ මෙම මාරක රිය අනතුර සිදුව ඇති බව අනතුර සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරන ඉපලෝගම පොලිසිය පවසයි..
අනතුරටපත් ලාන්ස් කෝප්‍රල්වරයා ගමන්ගත් බව කියන ස්කූටි වර්ගයේ යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසළ වූ දුරකතන රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ 522 පාබල බලසේනා මූලස්ථානයට අනියුක්තව යාපනය ප්‍රදේශයේ සේවයේ නියතු ලාන්ස් කෝප්‍රල්වරයෙකු බව පොලිසිය කියයි
මිය ගිය ලාන්ස් කෝප්‍රල්වරයා මහඉලුප්පල්ලම‍, කැලේදිවුල්වැව‍, ප්‍රෙද්ශයේ පදිංචි ඊරියගම වඩුගෙදර තිළිණ මධුසංඛ දිසානායක නමැති 31 හැවිරිදි විවාහක එක් දරු පියෙකු බව පොලිසිය කියයි.
මිය ගිය ලාන්ස් කෝප්‍රල්වරයා මෙම අවාසනාවන්ත රිය අනතුරට ලක්ව ඇත්තේ ඊයේ (29) දින විශේෂ නිවාඩු ලබා සිය නිවසට පැමිණ සිටි අවස්ථාවේදී බවත්, එම නිවාඩුව අවසන්ව හෙට (31) දිනයේ ඔහු යළී සේවයට වාර්ථා කිරීමට නියමිතව තිබී ඇති බවත් පොලිසිය කියයි..
අනතුරින් බරපතළ තුවාල ලබා සිට ඇති ලාන්ස් කෝප්‍රල්වරයා ප්‍රතිකාර සඳහා කඩිනමින් එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට එම ප්‍රෙද්ශවාසීන් කටයුතු කර ඇතත්, අනතුරින් බරපතල තුවාල ලබා සිටි ලාන්කෝප්‍රල්වරයා රෝහල් ගතකරන අවස්ථාවේදී මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
සිදුව ඇති අනතුරින් ලාන්ස්කෝප්‍රල්වරයාගේ හිසට බරපතල තුවාල සිදුව ඇති බව පොලිසිය කියයි. අදාළ මළ සිුරර මේ වනවිට එප්පාවල ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබේ.
මෙම මාරක රිය අනතුර සම්බන්ධයෙන් ඉපලෝගම පොලීස් රථවාහන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වයි.