මුදල් ආරවුලක් මත සිය මස්සිනාට පහරදී බරපතලයි.

Assault

මුදල් ආරවුලක් මත සිය මස්සිනාට පහරදී බරපතලයි.

ගල්පාත චන්දන පෙරේරා

මිල්ලනිය දෙල්දොර වත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් අද (11) සවස මස්සිනාට පොල්ලකින් පහරදී බරපතල තත්වයෙන් හොරණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව මිල්ලනිය පොලිසිය පවසයි.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ (38) හැවිරිදි මිල්ලනිය දෙල්දොරවත්ත ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙකි. පහරදීම සිදුකර ඇත්තේ සිය නැගණියගේ ස්වාමිපුරුෂයා වන අතර මුදල් ආරවුලක් මත මෙම පහරදීම සිදුවිය ඇති බව අනාවරණය වී ඇත.

සිය මස්සිනා සමග ඇතිවූ බහින්බස් වීම දුරදිග යාමෙන් පසු හිස ප්‍රාදේශයට පොල්ලකින් පහර දී ඇති අතර පහර කෑමෙන් බිම වැටුණු පුද්ගලයාගේ පපු ප්‍රදේශයට සහ උදර ප්‍රදේශයට නැවත පහර දී ඇති බව පරීක්ෂණවලදී යනාවරණය වී ඇත.

තුවාල කරු1990 හදිසි ගිලන් රථයෙන් හොරණ රෝහල වෙත රැගෙන ගොස් හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කර ඇත. තුවාලකරු සාධ්‍ය තත්ත්වයේ සිටින අතර වෛද්‍යවරුන් විසින් දැඩි උත්සහයක නිරතවෙමින් සිටින බවද ශරීරය අභ්‍යන්තරයේ රුධිර වහනය වන බවද රෝහල් අරංචි මාර්ග පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිල්ලනිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.