දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

tax

ඇතැම් පුද්ගල කණ්ඩායම් විසිිිිිින් දේශීය ආදායම් නිලධාරින් ‍ලෙස පෙනී සිටිමින්, ව්‍යාපාරිකයින් වෙත ගොස් මුදල් රැස්කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ ආකාරයෙන් මුදල් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින්ට මුදල් දීමෙන් වළකින ලෙසයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ.

එවැනි පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අදාළ සිද්ධීන් පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙසට ශ්‍රී ලංකා පොලීසිය වෙත පැමිණිලි කර ඇති බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් මගින් පරිපාලනය කරන සියලුම බදු වර්ගයන්ට අදාළව හිඟ බදු අයකිරීමේ කටයුතු නිසි පරිදි ලිඛිතව දැනුම් දී, නීත්‍යානුකූලව පමණක් සිදු කරන බව සියලුම බදු ‍ගෙවන්නන් වෙත ඔහු දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.