ග්‍රාම නිලධාරීන් අද සහ හෙට සේවාවලින් ඉවත් වෙයි

grama-niladari

ග්‍රාම නිලධාරීන් සිය රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කළ බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති පවසනවා.

ඒ අනුව අද (12) සහ හෙට (13) දිනයන් වල සේවයෙන් ඉවත් වීමට ද කටයුතු කරන බවයි ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ සඳහන් කළේ.

ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් ලබා දුන් යෝජනා ඇතුළත් නොකිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පවත්වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.