පොලීසිය හා මැතිවරණ කොමිෂන් සභාව අතර අද සාකච්ඡාවක්

election

පොලීසිය හා මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (09) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව නාම යෝජනා දිනයේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේ ආරක්ෂක සැලැස්ම පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරිමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

ඊට කොළඹ ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් කැඳවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.