ජනාධිපතිවරණය ගැන IHP ජූනි සමීක්ෂණයෙන් සජිත් 43%ක් හා අනුර 30%ක් ලබාගනිමින් දෝෂ ආන්තික සීමාව තුළ

ihp-june-poll

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් ජුනි මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණයක ප්‍රතිඵල වාර්තාව අද (01) නිකුත් කර තිබෙනවා.

අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස 43%ක් හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක 30%ක් ලබාගෙන ඇති නමුත් එම ප්‍රමුඛ අපේක්ෂකයින් දෙදෙනාම දෝෂ ආන්තික සීමාව (Margin of error) තුළ පවතින බවයි වාර්තාවේ දැක්වෙන්නේ.

තවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ 20%ක් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂයා 7%ක්ද ලබාගෙන ඇති බව සමීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

ජූනි මාසය තුළ සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණ 446ක් මෙම සමීක්ෂණය සඳහා නියැදිය ලෙස යොදාගෙන ඇති අතර, ජූනි මස ආකෘති අවිනිශ්තතාවයෙහි සැලකිය යුතු වැඩි වීමක් සිදුව ඇති බවද දෝෂ ආන්තිකය 1-11% ලෙස තක්සේරු කර ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්.

IHP ආයතනය විසින් ඉදිරි සතිවලදී පවත්වන සම්මුඛ පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට සැලසුම් කරමින් සිටින බවත්, මීළඟ යාවත්කාලීනය මඟින් වත්මන් ප්‍රවණතාව පිළිබඳ වඩාත් පැහැදිලි අවබෝධයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

අදාළ වාර්තාව මෙතැනින් සහ පහතින්.

66ab734fc1891 66ab734fa7500