2022 වසරේ මේ රට දැවැන්ත දේශපාලන සහ ආර්ථික බිඳ වැටීමකට ලක් වූ අවස්ථාවේ රට ගොඩනැඟීමේ වගකිම තමා භාරගත්තේ තනිව නොවන බවත් එදාද රටට ආදරය කරන දක්ෂ කණ්ඩායමක් තමා සමඟ එක් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔවුන් සිය වගකීම නිසි ලෙස ඉටු කළ බව අවධාරණය කළ ජනාධිපතිවරයා මේ රට ඉදිරියට ගෙන යා හැක්කේ එම කණ්ඩායමට පමණක් බව මේ රටේ ජනතාව අද විශ්වාස කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
රට ගොඩනැඟීමට තමාට සහාය ලබාදෙන ලෙස එදා තමා පළමුව ඉල්ලා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් බවත් එදා ඔහු ගත් නිවැරදි තීරණය සම්බන්ධයෙන් ස්තූති කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.