පොලිසිය ජනාධිපති මැතිවරණ රාජකාරි අරඹයි

sri-lanka-police-logo

ඉදිරි ජනාධිපතිවරණයට අදාළව සිය රාජකාරි කටයුතු ඊයේ නිල වශයෙන් ආරම්භ කළ බව පොලීසිය සඳහන් කරනවා.

ඔවුන්ගේ අනිවාර්ය රාජකාරිවලට අමතරව, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයක්ද පිහිටුවීමට සැලසුම් කර ඇති බවත්, මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිඛිත දැනුම්දීමක් ලැබීමෙන් අනතුරුව මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කෙරෙන බවයි පොලිසිය නිවේදනය කරන්නේ.

මැතිවරණ කාර්යාලයේ නිලධාරින් හා අදාළ බලධාරින් සමග ඊයේ දිනයේ සාකච්ඡා කළ බවත්, මැතිවරණයට අදාළ රාජකාරි සම්බන්ධයෙන් වන ඉදිරි සැලසුම් සකස් කරමින් පවතින බවත් පොලිසිය වැඩිදුරටත් පවසා සිටිනවා.