කැකිරාව නගරය ආශ්‍රිත ව්‍යාපාරික ස්ථාන බිඳ ඒවායේ තිබූ දේපල සොරාගෙන අලෙවි කරමින් මත්ද්‍රව්‍ය භාවිතයට මුදල් ඉපැයූ පුද්ගලයකු රුපියල් ලක්ෂ 04ක් පමණ වටිනා සොර බඩු රැසක් හා අයිස් මත්ද්‍රව්‍ය ද සමඟ යුක්තිය මෙහෙයුමට සමගාමීව අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.

WhatsApp Image 2024-06-15 at 17.42.58 (3)

24-06-15
කැකිරාව කුෂාන් ජයවර්ධන

============

කැකිරාව නගරය ආශ්‍රිත ව්‍යාපාරික ස්ථාන බිඳ ඒවායේ තිබූ දේපල සොරාගෙන අලෙවි කරමින් මත්ද්‍රව්‍ය භාවිතයට මුදල් ඉපැයූ පුද්ගලයකු රුපියල් ලක්ෂ 04ක් පමණ වටිනා සොර බඩු රැසක් හා අයිස් මත්ද්‍රව්‍ය ද සමඟ යුක්තිය මෙහෙයුමට සමගාමීව අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ ගණනක් වටිනා සොරබඩු සමඟ මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව කෙලින් වීදිය ප්‍රෙද්ශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි. කැකිරාව පොලිස් ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතාට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් කැකිරාව පොලිස් අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් කැකිරාව නගරයේ සිදුකළ මෙහෙයුමකදී එම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
එම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්රෑම් 2360ක ප්‍රමාණයක් ද සොයා ගත් බව පොලිසිය කියයි.
සැකකරු සොරා ගන්නා දේපල වෙනත් පුද්ගලයින්ට අඩු මුදලට විකුණා එම මුදල් යොදා ගනිමින් මත්ද්‍රව්‍ය භාවිතයට කටයුතු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාරවණය කරගෙන තිබේ.
අත්අඩංගුවටපත් සැකකරු පොලිසියට සිදුකර ඇති පාපෝච්චාරණයකට අනුව කැකිරාව නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් බිද ඒවායෙන් සොරා ගන්නා ලද දෙපල රැසක් වෙනත් පුද්ගලයින්ට විකුණා තිබියදී හා සැකකරුගේ නිවසේ තිබියදී සොයා ගැනීමට ද පොලිසිය සමත්ව තිබේ.
සැකකරු විසින් සොරගෙන තිබියදී සොයා ගන්නා ලද එම දේපල වල වටිනාකම රුපියල් ලක්ෂ 04ක් පමණ වන බව පොලිසිය කියයි.
පොලිසිය එලෙස සොයා ගන්නා ලද භාණ්ඩ අතර කැකිරාවේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් බිඳ සොරකම් කර තිබූ රුපියල් එක්ලක්ෂ පනස් දහසක් පමණ වටිනා ගෑස් සිලින්ඩර් 12 ක්, වායු සමීකරන යන්ත්‍රවලට යොදා ගන්නා රුපියල් ලක්ෂයක් පමණ වටිනා තඹ බට තොගයක් මෙන්ම කැකිරාව නගරයේ ඇති රට බීම හලක් බිද ඉන් සොරකම් කරන ලද රුපියල් එක් ලක්ෂ හතළීස් දහසක් පමණ වටිනා රට බීම තොගයකින් කොටසකට අයත් බව කියන හිස් රට බීම බෝතල කිහිපයක් ද වේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ, මහතාගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ පොලිස් සැරයන්වරුන් වන 57757-හේරත්, 38648-රූපසිංහ, 71352-අධීකාරී, 74273- ජයකොඩි, 38675-ඒකනායක, 40201-නිශ්ශංක, 33280-සිල්වා ඇතුලු නිලධාරීන් පිරිසක් අදාළ මෙහෙයුම සිදුකර සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබිණ.
අත්අඩංගුවට පත් සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයෙන් ලත් රැඳවුම් නියෝගයක් යටතේ වැඩිදුරටත් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට නියමිත අතර එම සැකකරු චෝදනා ගෙනු කිරීමෙන් පසුව කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සොයා ගන්නා ලද දේපල අධීකරණ ක්‍රියාමාර්ග ඔස්සේ ඒවායේ හිමිකරුවන්ට ලබා දීමටත් කටයුතු කරන බව පොලිසිය කියයි.
සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශණ කැකිරාව පොලිස් ස්ථානය මඟින් සිදු කෙරේ.

WhatsApp Image 2024-06-15 at 17.42.58 (1) WhatsApp Image 2024-06-15 at 17.42.58 (2) WhatsApp Image 2024-06-15 at 17.42.58 (3) WhatsApp Image 2024-06-15 at 17.42.58 WhatsApp Image 2024-06-15 at 17.42.59 (1) WhatsApp Image 2024-06-15 at 17.42.59 (2) WhatsApp Image 2024-06-15 at 17.42.59 (3) WhatsApp Image 2024-06-15 at 17.42.59 WhatsApp Image 2024-06-15 at 17.43.00 (1) WhatsApp Image 2024-06-15 at 17.43.00 (2) WhatsApp Image 2024-06-15 at 17.43.00 (3) WhatsApp Image 2024-06-15 at 17.43.00