සංවර්ධන නිලධාරී සේවයේ කඩඉම් විභාග පැවැත්වීම ගැන දැනුම්දීමක්

exam-new-1

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ III ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අදාළ විභාග 2024 ජුනි මස 30 වනදා පැවැත්වෙන බවයි එම ආයතනය සඳහන් කරන්නේ.

ඒ සඳහා අයදුම්කරුවන් 52,756ක් අයදුම්කර ඇති අතර දිවයින පුරා මධ්‍යස්ථාන 353කදී විභාගය පැවැත්වෙනවා.

විභාග ප්‍රවේශපත් අයදුම්කරුවන් සඳහා ඊමේල් ඔස්සේ යවා ඇති බවත්, එසේ නොලැබුණු අපේක්ෂකයින් සිය ප්‍රවේශපත www.slida.lk වෙබ් අඩවියෙන් බාගත කරගත හැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

666c02122352f