සියළුම ආකාර​යේ ලිංගික හිරිහැර අපරාධයක් බවට පත්කරමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට කැබිනට් අනුමැතිය

court-2

ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිරිහැර සහ අඩන්තේට්ටම් ඇතුළු සියලු ආකාරයේ ලිංගික හිරිහැර සහ අඩන්තේට්ටම් අපරාධයක් බවට පත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබෙන බවයි සඳහන් වෙන්නේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

66698081ecf2b