O/L සහ A/L කඩිනමින් අවසන් කර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාව ලබාදෙනවා – අධ්‍යාපන ඇමති

susil-premajayantha-pmd

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග කඩිනමින් අවසන් කර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

වයස අවුරුදු 18 දී පාසල් අධ්‍යාපනය අවසන් කර උසස් අධ්‍යාපනය සඳහා සිසුන්ට අවස්ථාව ලබාදීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

ප්‍රතිඵල නිකුත් වීමටත් ප්‍රථම උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමේ අභියෝගයට සාර්ථක ව මුහුණ දෙමින් මේ වන විට ආරම්භ කර ඇති උසස් පෙළ විෂය ධාරාව සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරුවත් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පාසල් පද්ධතියේ හා විශ්වවිද්‍යාල පද්ධතියේත් කඩිනම්ව සිදුකෙරෙන මෙම අධ්‍යයන කටයුතු සාර්ථකව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය භෞතික සම්පත් ලබාදීමට ද හැකි පමණ උත්සහ දරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.