මැතිවරණය කල් දැම්මොත් ඒක එක්සත් ජාතික පක්ෂයේ අවසානය – මහින්ද

mahinda-rajapakdha-balaya

ව්‍යවස්ථාව අනුව මැතිවරණයක් නොපවත්වා සිටීමේ හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

මැතිවරණය කල් දමන බවට ප්‍රකාශ කළද, එවැනි මෝඩකමක් සිදුකරනු ඇති බවට තමා විශ්වාස නොකරන බවත්, එසේ සිදුකළහොත් එය එක්සත් ජාතික පක්ෂයේ අවසානය බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා පසුව ප්‍රකාශ කරන බවත්, ජනතාව බලාපොරොත්තුව තබා තිබෙන්නේ පොහොට්ටුව සම්බන්ධයෙන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.