රනිල් වික්‍රමසිංහයන්ට මැතිවරණ නැතුව ඉදිරියට යන්න දෙන්න ඕන කියන දේ සමාජයේ තියෙන අදහසක් – සමන් රත්නප්‍රිය

Saman

රට ගොඩගන්නා ලද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මැතිවරණ නොමැතිව තවදුරටත් ඉදිරියට යාමට අවස්ථාව ලබාදිය යුතු බවට වන අදහස සමාජය තුළ ඇති බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා විසින් ඉදිරිපත් කළේ එම අදහස බවත්, එය නිවැරදි අදහසක් බවයි කැස්බෑව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ.

මෙය මැතිවරණවලට කුලල් කාගත යුතු අවස්ථාවක් නොවන බවත්, ව්‍යවස්ථානුකූලව මැතිවරණය පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.