ජීවිත තර්ජනයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නැහැ – හර්ෂ

harsha-de-silva-public-finance

ජීවිත තර්ජනයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම්දී තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර ඊට අදාළ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට දැනුම්දීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්තූතිය පළකරමින් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ තමන් විසින් සිදුකළ එම ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද සහිතව පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් බවයි.

එසේම එම අවස්ථාවේදී කථානායකවරයා විසින් තමන්ට ජීවිත තර්ජනයක් තිබේද යන්න විමසූ බවත්, එවැන්නක් නොමැති බව තමන් විසින් ප්‍රකාශ කළ බවත් මන්ත්‍රීවරයා පොලීසියට දැනුම්දී තිබෙනවා.