ගණේමුල්ල සංජීව බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට නියෝග

court-2

වීරගුල පොලිසිය භාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගණේමුල්ල සංජීව මේ මස 24 වන දින දක්වා බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට නියෝග කර තිබෙනවා.

ඔහු අද (10) ගම්පහ මහෙස්ත්‍රාත් සිලනි පෙරේරා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන සංජීව කුමාර නොහොත් ගණේමුල්ලේ සංජීව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී පසුගිය වසරේ සැප්තැම්බර් 13 වන දා අත්අඩංගුවට ගෙන තිබූූ අතර පසුව ත්‍රස්තවාදය වැළක්වීමේ පණත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අවසර ලබාගෙන තිබුණා.