ආර්ථික විශේෂඥයින් පිරිසක් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

6666d6b4dd641

දෙස් විදෙස් ආර්ථික විශේෂඥයින් පිරිසක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයින් අතර හමුවක් අද (10) සිදුවී තිබෙනවා.

ආර්ජන්ටිනාවේ හිටපු ආර්ථික අමාත්‍ය සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Martin Guzman, මැසචුසෙට්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Jayathi Ghosh, එක්සත් ජාතීන්ගේ සහස්‍රක ව්‍යාපෘතියේ හිටපු කලාපීය අධ්‍යක්ෂ Charls Abugre, යාපනය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය Ahilan Kadirgamar ඇතුළු පිරිසක් මෙම හමුව සඳහා එක් වූ බවයි එම පක්ෂය පැවසුවේ.

ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි ජාතික විධායක සභිකයින් වන ආචාර්ය හරිනි අමරසූරිය, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ මහාචාර්ය අනිල් ජයන්ත ඇතුළු නියෝජිතයින් පිරිසක් හමුව සඳහා සහභාගී වී තිබෙනවා.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම් සහ ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ බවයි එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කළේ.