JR ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සමාජවාදී කිව්වම ඒකට බය නැත්තං ඇයි මේකට බය? – අනුර

anura-kumara-32

හිටපු ජනාධිපති J.R. ජයවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට “සමාජවාදී” වචනය යොදා තිබීම ගැන කිසිවෙකු බය නොමැති පසුබිමක, තම පක්ෂය සමාජවාදී පක්ෂයක් වීම ගැන පමණක් බය වන්නේ ඇයිදැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විමසනවා.

දැනටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙරට හඳුන්වන්නේ “ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය” ලෙස බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සමාජවාදයේ මූලික ලක්ෂණය වන්නේ රට නිෂ්පාදනයට යොමු කර ජාතික නිෂ්පාදනය වර්ධනය කිරීමත්, එම නිෂ්පාදනයට ජනතාව හවුල් කරගැනීමත්, එම නිෂ්පාදනය සඳහා ලැබෙන ප්‍රතිලාභයෙන් සාධාරණ පංගුවක් නැවත ජනතාව වෙත ගලා යෑමට සැලැස්වීමත් බවයි ඔහු පැහැදිලි කළේ.

අද ගමේ ජනතාවට ආර්ථිකයට දායක විය හැක්කේ ඉතා අල්ප ව⁣ශයෙන් වන බැවින් ගමට ආර්ථිකයේ ප්‍රතිලාභ ලැබෙන්නේද ඉතා අල්ප වශයෙන් බවද, තමන් බලාපොරොත්තු වන්නේ ආර්ථිකය වර්ධනය කරන අතරම ආර්ථිකය ප්‍රසාරණය කර, ගමේ ජනතාවටද ආර්ථික ක්‍රියාවලියක නිරත විය හැකි පරිදි ආර්ථිකය තල්ලු කිරීම බවද, එවිට ඔවුන්ටද ආර්ථිකයෙන් ප්‍රතිලාභයක් ලැබෙන බවද ඔහු සඳහන් කළා.

සමාජවාදී මූලධර්ම මත ⁣ගොඩනැගුණු තම ආර්ථික ප්‍රතිපත්තියේ මූලික සංකල්පය එය බවයි පසුගියදා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු අවධාරණය කළේ.