ලංකා සභාවේ මොරටුව නව ප්‍රාදේශීය නායක සාගර පෙරේරා පියතුමා පත්වේ.

WhatsApp Image 2024-06-08 at 16.01.32

ලංකා සභාවේ මොරටුව නව ප්‍රාදේශීය නායක සාගර පෙරේරා පියතුමා පත්වේ.

ලංකා සභාවේ කොළඹ දියෝකීසියේ මොරටුව ප්‍රාදේශීය නායක ලෙස ගෞ. සාගර පෙරේරා පියතුමන් කොළඹ දියෝකීසියේ අතිගරු දුශාන්ත රුද්‍රිගු පියතුමන් විසින් පසුගියදා පත් කරනු ලැබිය . එංගලන්ත සභාවේ මොරටුව ප්‍රාදේශිකයේ 20 වන ප්‍රාදේශීය නායක ලෙස සේවය කළ ගෞ. සාමශාන්ත කොස්තා පියතුමාගේ තෙවසරක සේවා කාලය ඉකුත්වීමෙන් පසුව හිස් වූ පුරප්පාඩුව සඳහා සාගර පෙරේරා පියතුමන් පත්වූ අතර එතුමන් මොරටුව ප්‍රාදේශිකයේ 21 වන ප්‍රාදේශීය නායකතුමා ලෙසින් මෙවර පත්විය.
ප්‍රාදේශීය නායකතුමන් ලෙස පත්වූ සාගර පෙරේරා පියතුමන් මේ වන විට මොරටුව ශු.එම්මානුවෙල් දෙව්මැදුරේ සහය දේවගැතිතුමන් ලෙස සේවය කරනු ඇත.

ගෞ. සාගර පියතුමා එම පළාත්වාසි සිංහල දෙමළ ජනතාවගේ ආදරය දිනා ගෙන කිසිදු ජාති ආගම් බේදයන් නොතකා කිතුනු ආකල්ප පෙරදැරි කරගෙන තම සේවා කටයුතුවල නිරත වන පියතුමෙකු වන අතර එතුමා දඬුගම ග්‍රාමයේ ඉපදී දඬුගම ලංකා සභා විදුහලේ මූලික අධ්‍යාපනය ලබා මාබිම විද්‍යාදීප පිරිවනෙහිද ආදි ශිෂ්‍යයෙකු වේ. ගෞ. සාගර පියතුමා දේව ධර්ම විද්‍යාලයේ පුහුණුවීමෙන් පසු දියාකෝන් පදවියට පත් වූයේ 2002 දෙසැම්බර් 29 වන දිනදීය. 2004/2005 වර්ෂවලදී ගාල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ සේවයේ යෙදී සිටි කාලයේදී එතුමා පූජකවරයෙකු ලෙස ආලේප කරනු ලැබීය.
වර්තමානයේ ගෞ.සාගර පෙරේරා පියතුමා ශු.එම්මානුවෙල් දේවස්ථානයේ සහය පියතුමා ලෙස සේවය කරනු ලබයි.