අගමැති ධුරය බාරගන්න මට කිසිම ආරාධනාවක් ලැබු​නේ නෑ, ඒක සම්පූර්ණ බොරු කතාවක් – අනු​ර

anura-kumara-32

අරගලය සමයේ අග්‍රාමාත්‍ය ධුරය බාරගැනීමට තමාට කිසිඳු ආරාධනයක් කිසිඳු ලෙසකින් නොලැබුනු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

එය ගොතන ලද අසත්‍ය කතාවක් බවද, ඒ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල ඔවුන් සතුව තිබූ බලය තමන් අතට ලබා දේයැයි කියා සිතන්නටවත් හැකිදැයි ඔහු පෙන්වා දෙනවා.

එපමණක් නොව, තමා කොන්දේසි සහිතව අග්‍රාමාත්‍ය ධුරය බාරගැනීමට සූදානම් බව 2022 මැයි 13 ලිඛිතව දැනුම්දුන් නමුත්, එම ලිපියට අඩු තරමේ පිළිතුරක් හෝ නොලැබුනු බවද ඔහු සඳහන් කළා.

මෙම බොරුව මනූෂ නානායක්කාර සහ නාමල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් දිගින් දිගටම පැවසුවද, එය සම්පූර්ණ අසත්‍ය කතාවක් බවයි ඊයේ (06) තුලාව වැඩසටහනට එක්වෙමින් ඔහු අවධාරණය කළේ.

Courtesy: ITN තුලාව