මෝදි සෙනසුරාදා දිවුරුම් දෙයි

Modi

ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලැබූ නරේන්ද්‍ර මෝදි සිය තුන්වැනි ධුර කාලය සඳහා සෙනසුරාදා (08) දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව නව කැබිනට් මණ්ඩලය ද එහිදී දිවුරුම් දීමට නියමිතව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

භාරතීය ජනතා පක්ෂයට තනිවම බහුතර බලය හිමි නොවුණත්, භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට බහුතර බලය හිමිවීමත් සමඟ පිට පිට තෙවැනි වරටත් ෙමෝදි අග්‍රමාත්‍ය ධූරයට පත් වුණා.