අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 30 ක් වාර්තා වෙයි

death

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මැයි මස 15 වනදා සිට මේ දක්වා පුද්ගල මරණ 30 ක් වාර්තාවී ඇති ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසනවා.

ඒ අනුව අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන් පුද්ගලයින් 13,028 ක් මේ වන විට ආරක්ෂිත මධ්‍යස්ථානවල රඳවා ඇති බවයි.

එසේම අයහපත් කාලගුණයෙන් නිවාස 71 ක් පූර්ණ හානියට පත්ව ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.