FCID පලමු නඩුවෙන් චින ජාතිකයෙකුට ද්ඩුවම්

court-2

දර්ශාන් කානිල්
මොරටුව
02.06.2024
FCID පලමු නඩුවෙන් චින ජාතිකයෙකුට ද්ඩුවම්

බලපත්‍රයක් රහිතව මැණික් වෙළඳාම් කිරීම සහ තවත් චෝදනා සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ චීන ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන තුන්සිය හැට පහක මුදලක් රාජ සන්තක කිරීමට කොළඹ මහාධිකරණයේ අංක 05 මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ පසුගියදා නියම කර ඇත.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් නිකුත් කරන ලද බලපත්‍රයක් රහිතව මැණික් වෙළඳාමේ යෙදීම සහ නීති විරෝධි ආකාරයෙන් බලපත්‍රයක් රහිතව මැණික් වෙළඳාම් කිරීමෙන් ඉපැයූ රුපියල් මිලියන තුන්සිය හැට පහයි අනූ නව දහස් අටසිය තිස් හතරයි ශත තිස් හතක පුද්ගලික ගිණුමක තැන්පත් කිරීම 2011 අංක 40 දරණ පනතෙන් සංශෝධිත 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ 3 (1) වගන්තිය යටතේ වරදක් සිදු කළ බවටත් , ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනතේ 51(1) (අ) වගන්තිය උල්ලංඝනය කිරීම , 51(2) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් ලක්සර් ජෙම්ස් (Luxor Gems) පුද්ගලික ආයතනයේ ආරම්භක කොටස්කරුවෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු වන සූ ඩියන්ස් හං නමැති චීන ජාතිකයෙකුට මෙලෙස දඬුවම් නියම කර ඇත . එලෙසම ඔහුට
ලක්ෂ පහක දඩයක් නියම කර ඇති අතර එය නොගෙවන්නේ නම් මාස 6ක සිර දඬුවම්ද, දෙවන චෝදනාව යටතේ වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් මෙන්ම එය වසර 15කට අත්හිටුවු සිර දඬුවම් නියම කර ඇති අතර අධිකරණය විසින් විදේශගත වීම තහනම් කර ඇත.
2018 මාර්තු මස 15 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය විසින් සැකකට යුතු ගනුදෙනු වාර්තා කිරීමේ පනතට අනුව සැකකටයුතු ගනුදෙනුවක් සම්බන්ධයෙන් තොරතුරක් එවකට මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇත. අදාළ විමර්ශන කටයුතු භාරව කටයුතු කර ඇත්තේ මේ වන විට විදේශගතව සිටින විමර්ශන නිලධාරි පො.ප.ධම්මික විජේසිංහ විසිනි.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුදර්ශන සිල්වා මහාධිකරණයේ පෙනී සිටිමින් නඩු කටයුතු මෙහෙයවූ අතර මෙම නඩුව (24 වැනිදා) නැවත කැඳවීමට නියමිතය.
මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය (FCID )විමර්ශන ඒකක 05 නි.පො.ප. දම්මික ප්‍රියන්ත, නි.පො.ප. පවිත්‍ර දයාරත්න, විමර්ශන නිලධාරි පො.ප.ධම්මික විජේසිංහ , ස්ථානාධිපති විමර්ශන ඒකක 05 හිටපු ස්ථානාධිපති ප්‍ර.පො.ප නිහාල් පැරැන්සිස් , පො.ප.චන්දන පියතුංග , උ.පො.ප සේනාදීර පො.සැ.67971 දර්මප්‍රිය යන නිලධාරින් විමර්ශන කටයුතු සිදු කර ඇත.