පොසොන් සතිය පුරාවට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 03 ක සියළුම සුරාසැල් වැසීමට තීරණයක්

liquor

ජුනි මස 18 වනදා සිට 24 වනදා දක්වා කාලය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක සුරාසැල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මධ්‍යම නුවරගම් පළාත, නැගෙනහිර නුවරගම් පළාත සහ මිහින්තලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03හි මෙලෙස අදාළ කාලසීමාව තුළ සියලුම බලපත්‍ර ලත් සුරාසැල් වසා තැබෙන බවයි සඳහන් වෙන්නේ.

පොසොන් සතිය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.