විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ ලබන සඳුදා සාකච්ඡා කරනවා – සුරේන් රාඝවන්

suren-raghavan

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා දිනයේ සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා.

මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබා දීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවත්, මෙය මැද මාවතකින් විසඳාගත යුතු යැයි තමා බලාපොරොත්තුව වන බවයි ඔහු සඳහන් කළේ.‍

වර්ජනය මේ ආකාරයෙන් දික්කර ගැනීමට රජයට අවශ්‍ය නොවන බවද, වෘත්තීය සමිති වලට ද මෙය මේ ආකාරයෙන් කරගෙන යෑමට අවශ්‍ය නොවන බවද ඔහු තවදුරටත් පෙන්වා දුන්නා.