15 වන රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් නාවිකයන් 3,146 දෙනෙකුට උසස්වීම්

srilanka-army-nn

15 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවිකයන් 3,146 දෙනෙක් ඊළඟ නිලය වෙත උසස් කර තිබෙන බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.

සන්නද්ධ හමුදා සේනාධිනායක හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3,146 සඳහා මෙම උසස්වීම් ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.