ලෝක ජල සමුළුව සඳහා ජනපති අද ඉන්දුනීසියාවට

ranil-imf-meet

ඉන්දුනීසියාවේ බාලි නගරයේ පැවැත්වෙන 10 වැනි ඉහළ පෙළේ සැසියට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පිටත්ව යාමට නියමිතයි.

ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝගේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසිය “සාමුහික සෞභාග්‍ය සඳහා ජලය” යන තේමාව යටතේ මැයි 18 සිට 20 දක්වා ඉන්දුනීසියාවේ බාලි නගරයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මැයි 20 වනදා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්.