ඇල්ල-වැල්ලවාය මාර්ගය යළි විවෘත කෙරේ

weather-warning-1

මලිත්තගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා තාවකාලිකව වසා දමා තිබුණු ඇල්ල – වැල්ලවාය මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.

කෙසේ වෙතත්, අධික වර්ෂාව පවතින විටදී අවදානම් තත්ත්වයක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් රියදුරන්ට අනතුරු අඟවා සිටින අතර, මාර්ගයේ විමසිලිමත්ව රිය පදවන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වයන් තුළදී ඇතිවිය හැකි අනතුරු පිළිබඳව රියදුරන්ට අනතුරු ඇඟවීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් රථවාහන සංඥා යන්ත්‍ර යොදවනු ඇති බවත්, රාත්‍රී කාලයේදී ආරක්‍ෂිතව රිය ධාවනය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මාර්ගයේ අනතුරුදායක ප්‍රදේශ ආලෝකමත් කිරීම සඳහා විදුලි පහන් ද සවි කර ඇති බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ.