Foxhill අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූවන්ට වන්දි

foxhill

Foxhill ධාවන තරගාවලිය අතරතුර සිදුවූ රිය අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන් හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.‍

ඒ අනුව, එහිදී ජීවිතක්ෂයට පත් වූ 7 දෙනා වෙනුවෙන් එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් ලබා දීමට නියමිත බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

එසේම තුවාල ලැබූ අයට එක් පුද්ගලයෙකුට රුපියල් 250,000ක් බැගින් වූ වන්දි මුදලක් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.