අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට තහනම් කෙ​රේ

sripadaya

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීම දේශීය සංචාරකයින්ට තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 24 වනදායින් අවසන් වන නිසා ඉදිරි කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, එහිදී මෙම තීරණය ගෙන තිබෙන බව සඳහන්.

ඒ අනුව අවාරයේ ශ්‍රී පාදස්ථානය වෙත පැමිණීමට අවසර ලැබෙන්නේ විදේශිකයන්ට පමණක් වන අතර, ශ්‍රී පාදස්ථානයට ඇතුළුවීමට ඇති කිසිඳු මාර්ගයකින් දේශීය සංචාරකයින්ට ඇතුළුවීම තහනම් කෙරෙනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.