මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල ප්‍රෙද්ශයේ පිහිටි කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය බලධාරිහු ඉකුත් දා පියවර ගෙන තිබේ.

WhatsApp Image 2024-05-03 at 16.48.15

24-05-03
කැකිරාව කුෂාන් ජයවර්ධන

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල ප්‍රෙද්ශයේ පිහිටි කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්මාන්ත ශාලාවට මුද්‍රා තැබීමට කැකිරාව සෞඛ්‍ය බලධාරිහු ඉකුත් දා පියවර ගෙන තිබේ.
අදාළ කර්මාන්ත ශාලාවේ කිරි ආශ්‍රිත යෝගට්, අයිස් ක්‍රීම්, දියරමය යෝගට්, බීම, වැනි නිෂ්පාදනයන් රැසක් සිදු කෙරේ. අදාල ව්‍යාපාරික ස්ථානයේ නිෂ්පාදන දිවයිනේ බොහෝ ප්‍රෙද්ශවල බෙදා හැරීම සිදු කෙරෙන අතර එම නිෂ්පාදනයන්හි තත්ත්වය පිළිබදව පාරිභෝගිකයින්ගෙන් කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ලැබී තිබූ පැමිණීලි අනුව එම ස්ථානය වටලා පරීක්ෂා කිරීම සිදු කෙරිණ.
අනුරාධපුර ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුකුඩ, කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලි ආරච්චි හා එම ප්‍රෙද්ශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළ එම කාර්යාලයට අනියුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ කර්මාන්ත ශාලාව පුර්ණ පරීක්ෂාවකට ලක්කිරීමට මෙහිදී කටයතු කරනු ලැබීය.
එහිදි ආදාල නිෂ්පාදන ආයතය තුළ ආහාර ස්වස්ථතා රෙගුලාසී උල්ලංඝනය කරමින් කටයුතු සිදු කෙරෙන බවට නිලධාරීන්ගේ නිරීක්ෂනයට ලක් විය. එම කර්මාන්ත ශාලාවේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය, නිෂ්පාදන අංශය, ගබඩා, ශීත කාමර, අමුද්‍රව්‍ය ගබඩා, අපද්‍රව්‍ය බැහැර කිරීම් ස්ථාන ඇතුළු සියල්ල මෙහිදී නිලධාරීන්ගේ විමර්ශනයට ලක්විය. එහිදී නිලධාරීන් විසින් එම ආයතන පරිශුය මෙන්ම නිෂ්පාදන කටයුතුවල සෟඛ්‍යාරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් ගැටළු පවතින බවත්, කර්මාන්ශාලාවේ නිෂ්පාදන අංශයේ කටයුතු අවිධිමත් හා අපිරිසිදු භාවයෙන් යුතුව පවත්වාගෙන යාම පිළීබදවත් මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු විය. අදාළ කර්මාන්ත ශාලාව තුළ ඒ වනවිටත් නිෂ්පාදන මට්ටමේ පැවැති ආහාර ද්‍රව්‍ය වල මැස්සන් ආදී සතුන්ද සිටින බවට මෙහිදී නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්විය. මේ අතර එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය හා පිළීබදවද වටලෑම් නිලධාරීන්ගේ අවධානය යොමු වූ අතර එහිදී විවිධ චර්ම රෝග සහිත සේවිකාවන් ද මෙම ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට යොදවා ඇති බව ද මෙහිදී නිලධාරීහු අනාවරණය කර ගත්හ.
අදාළ කර්මාන්ත ශාලවේ මූලික කිරි සැකසුම් ස්ථානය අසලින් භාහිර පරිසරයට නිකුත් කෙරෙන අප ජලය හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බවත් මෙහිදී නිලධාරීන් විසින් නිරීක්ෂණය කරනු ලැබිණ. ඒ ආශ්‍රිතව දැඩි දුර්ගන්ධයක් සේම දැඩිලෙස මැස්සන්ගේ ගහනයක් ද වර්ධනය වී තිබිණ. කර්මාන්ත ශාලවේ නිෂ්පාදන අංශය ද මැස්සන්ගෙන් ගහනව පවතින බව නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වින. එහි අමුද්‍රව්‍ය ගබඩා තුල අමුද්‍රව්‍ය ගඩා කිරීම සෞඛ්‍ය ක්‍රමවේදයන්ට හා නීති රෙගුලාසිවලට අනුකූල නොවන අයුරින් සිදු කර ඇති බව ද මෙහිදී විමර්ශණ නිලධාරීන් අනාවරණය කර ගත් අතර එම ගබඩා තුළ තිබී එහි ආහාර නිෂ්පාදනයට යොදා ගන්නා නිෂ්පාදිත දිනයක් කල්ඉකුත්වීමේ දිනයක් හෝ ඇතුළත් නොවන මෙන්ම නිෂ්පාදකයන්ගේ විස්තර ඇතුළත් ලේබල නොමැති අමුද්‍රව්‍ය වර්ග කිහිපයක් ද මෙහිදී විමර්ශණ නිලධාරීන් විසින් සොයා ගැනිණ. තවද එහි ගබඩා තුල තිබී මීයන් විසින් සපා කා විනාශ කළ ඇසුරුම් තොගයක් ද සොයා ගැනීමට විමර්ශණ නිලධාරීහු සමත් වූහ.
මින් පෙරද අදාළ කර්මාන්ත ශාලවේ නිෂ්පාදනයන් සම්බන්ධයෙන් පාරිභෝගිකයකුගෙන් ළත් පැමිණිල්ලක් සම්බන්ධයෙන් කැකිරාව සෞක්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අදාළ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන සම්බන්ධයෙන් ලබා ගත් ආහාර සාම්පල වල අසූචි මිශ්‍රිත බවට තහවුරු වී ඇති බවද සෞඛ්‍ය අංශ බලධාරීහු පවසති.
කුඩා දරුවන් රෝගීන් මෙන්ම ගැබිනි මව්වරුන් ඇතුලු පිරිස් ද ලබා ගන්නා කිරි ආශ්‍රිත නිෂ්පාදනයන් සිදුකරන මෙම කර්මාන්ත ශාලාවේ තත්ත්වය සෞඛ්‍ය නීති රීතිවලට එකගව නිවැරදිව සකසා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය නිර්දේශයන් ලබා ගන්නා ලෙස මෙහිදී නිලධාරීන් අදාල ව්‍යාපාරිකයාට දන්වා ඇති අතර එතෙක් පාරිභෝගිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව හා යහපත වෙනුවෙන් එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා මුද්‍රා තැබීමට සෞඛ්‍ය බලධාරීහු මෙහිදී පියවර ගත්හ.
අදාළ කර්මාන්තශාලාවේ සිදු කෙරෙනු ආහාර නිෂ්පාදනයන්ගෙන් ලබා ගත් සාම්පල රැසක් ද වැඩිදුර විමර්ශණ සදහා අද(03) දිනයේ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ද කැකිරාව සෞඛ්‍ය බලධාරීහු පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය හේතූන් මත තාවකාලිකව වසා දැමුණු එම කර්මාන්ත ශාලාවේ හිමිකරුට එරෙහිව චෝදනා ගොනුකර කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධීකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අසිත කෝසල තනිප්පුලි ආරච්චි මහතා අප කළ විමසීමකදී පැවැසීය.

WhatsApp Image 2024-05-03 at 16.48.12 (1) WhatsApp Image 2024-05-03 at 16.48.12 (2) WhatsApp Image 2024-05-03 at 16.48.12 WhatsApp Image 2024-05-03 at 16.48.13 (1) WhatsApp Image 2024-05-03 at 16.48.13 (2) WhatsApp Image 2024-05-03 at 16.48.13 (3) WhatsApp Image 2024-05-03 at 16.48.13 (4) WhatsApp Image 2024-05-03 at 16.48.13 (5) WhatsApp Image 2024-05-03 at 16.48.13 (6) WhatsApp Image 2024-05-03 at 16.48.13 WhatsApp Image 2024-05-03 at 16.48.14 (1) WhatsApp Image 2024-05-03 at 16.48.14 (2) WhatsApp Image 2024-05-03 at 16.48.14 (3) WhatsApp Image 2024-05-03 at 16.48.14 (4) WhatsApp Image 2024-05-03 at 16.48.14 (5) WhatsApp Image 2024-05-03 at 16.48.14 (6) WhatsApp Image 2024-05-03 at 16.48.14 WhatsApp Image 2024-05-03 at 16.48.15 (1) WhatsApp Image 2024-05-03 at 16.48.15 (2) WhatsApp Image 2024-05-03 at 16.48.15