හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තායිලන්තයේ සංචාරයක් සඳහා අද (09) අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට එක්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව ඔවුන් අද අලුයම 12.55ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටව ගොස් ඇති බව වැඩිදුරටත් සඳහන්.