සේනක බටගොඩට ගීත 7ක් ගායනා කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක්

senaka

ගායන ශිල්පී සේනක බටගොඩට ඔහු ගායනා කළ ගීත 7ක් මින් ඉදිරියට ගායනය කිරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීනවලට පනක් තිබෙනවා, හොඳම දේ, සැනසෙන්නම් මා යන ගීත 7 ගායනා කිරීම වළක්වමින් මෙලෙස වාරණ නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒකාබද්ධ ගීත පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකල්පය කළ ජනත් කුලතිලක යන අයට බුද්ධිමය දේපොළ පනත යටතේ ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් ඔහු විසින් ගොනුකර තිබූ පැමිණිල්ලකට අදාළව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.