76වන නිදහස් සැමරුමේ පෙරහුරු හේතුවෙන් ලබන 30 වනදා සිට පෙබරවාරි 03 වනදා දක්වා කාලය තුළ කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
ඒ අනුව පෙරහුරු පැවැත්වෙන කාල සීමාවේ ගාලු මුවදොර මාර්ගය වසා තැබෙන බවයි රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සඳහන් කළේ.
කොල්ලුපිටියේ සිට කොළඹට ඇතුළුවන වාහන සීමා කිරීමක් සිදුවන අතර සෙරමික් හන්දියේ සිට ගාලුමුවදොර දක්වා රථවාහන ගමනාගමනය සීමා කරන බවයි සඳහන් කළේ.
එසේම පෙබරවාරි 03 වනදා දහවල් 2.00 සිට නිදහස් සැමරුම් උත්සවය අවසන් වන තෙක් ගාලු මුවදොර ආශ්රිත මාර්ග රැසක් වසා තැබෙන බවද රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ වැඩිදුරටත් සඳහන් කළා.