RM Parks Inc. සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුම් අත්සන් තබයි

shell-n

එක්සත් ජනපදයේ RM Parks Inc. සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා.

මෙම ගිවිසුමට අනුව Shell නිෂ්පාදිතයන් ශ්‍රී ලංකාව තුළ අලෙවිය සඳහා කටයුතු කරන අතර RM Parks Inc. සහ Shell එක්ව මෙරට ඉන්ධන පිරවුම්හල් 200ක මෙහෙයුම් සිදුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

මෙම ගිවිසුම ඩොලර් මිලියන 110ක වටිනාකමකින් යුතු බවත් මෙම ඉන්ධන පිරවුම්හල්වල mini-supermarkets සහ විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේ (EV charging) පහසුකම් ස්ථාපිත කෙරෙන බවයි ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.