සහනදායි සහ වෙළඳපොළ මත පදනම් වූ මූල්‍ය සහාය ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව වෙත ප්රවේශවීමට ශ්‍රී ලංකාව නැවතත් සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ අනුව අඩු පොලියකට අරමුදල් සපයාගෙන එමගින් රටේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පියවරගෙන ආර්ථික ස්ථායිතාවය ඇතිකිරීමට අවස්ථාව ලැබෙතැයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කරන්නේ.
එසේම එමඟින් දරිද්‍රතාවයෙන් පෙලෙන සහ අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා අවශ්‍ය සහාය ලබාදිය හැකියාව පවතින බවයි ආසියානු සංවර්ධන බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
සහනදායි මූල්‍ය සහාය ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවට ප්රවේශවීමට ශ්‍රී ලංකාව නැවතත් සුදුසුකම් ලබයි
