පුනරුත්ථාපන පනතෙන් අරගලකරුවන් මර්දනය කරන්නේ නැහැ – විජේදාස රාජපක්ෂ

0R

පුනරුත්ථාපන කාර්යාංශයේ පනත් කෙටුම්පත හරහා අරගලකරුවන් හෝ විරුද්ධවාදීන්ට මර්දනය කිරීමට උත්සාහ කරන බවට වන චෝදනා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළා.

එහිදී මුල් පනත් කෙටුම්පත තුළ නොමඟ ගිය අය සහ සටන්කාමීන් ලෙස අර්ථ ගන්වා ඇත්තේ එල්.ටී.ටී.ඊ. සටන්කාමීන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පාස්කු සිදුවීමේ දී එම අන්තවාදී සමඟ කටයුතු කොට අන්තවාදී මත දැරූ තරුණ පිරිස් පුනරුත්ථාපනය කිරීම සිදු කරන බවත්, කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඇතුළත ක්‍රියාත්මක කිරීමට හැකි කටයුතු පමණක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.