කොළඹ සරසවි සිසුවියක් මහ දවල් ඝාතනය කරයි – සැකකාර පෙම්වතා අත්අඩංගුවට

colombo univercity

කොළඹ, තුරඟ තරග ක්‍රීඩාංගනයේ ලකුණු පුවරුව ආසන්නයේ අබිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් අද (ජන. 17) දහවල් සොයා ගෙන ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, හෝමාගම, කිරිවත්තුඩුව, පුබුදු උයන පදිංචි 24 හැවිරිදි තරුණියකි.

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක බවට අනාවරණය වී ඇත.

තුරඟ තරග ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව අසල අද දහවල් 1.30 පමණ සැක කටයුතු ලෙස වැටී සිටි තරුණියක දැක ඒ බව පොලිසියට කළ දැනුම් දීමකට අනුව පොලිස් නිලධාරීන් පැමිණ වැටී සිටි තරුණිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.