අශන්ති වරුණසුරිය
ගංගුව මම දකින්නේ කාලෙකට පස්සේ අහම්බෙන්. ඒකත් මුහුණු පොතෙන්. දැක්ක ගමන් මට ඇති වුණේ අපේ කලාව ගැන දුකක්. මොකද… දක්‍ෂ ශිල්පින් අද ඇයි මෙහෙම සැගවිලා ඉන්නේ කියලා.. මේ නිසාම නේද කලාවේ කළා ගුණයන් අඩු වෙලා තියෙන්නේ කියලා හිතෙනවා. ගංගු කාලයක් ලාංකේය කලාවේ කතා කල ජනප්‍රිය මාතෘකාවක්.
“හැමදේම දේශපාලනය. කලාව විතරයි අද කලාවේ නැත්තේ. මේක මම විතරක් නෙමෙයි දක්‍ෂ හුගක් ය මුහුණ දෙන දෙයක්. ඒත් හෙට දවස ගැන බලාපොරොත්තුවක් තියෙනවා”, ගංගු නම් එදා වගේමයි කියලා මට හිතුණා. මොනදෙයක් වුණත් නොසැලී ඊට මුහුණ දෙනවා කියන එක ඒ වචන ටිකේ ගැබ් වෙලා. ගැහැනියක් සතුවිය යුතු දාරාගැනීමේ ශක්තිය, උත්සාහය එදත් ගංගුට හොදටම තිබ්බ. අදත් ඒවගේමයි.
ඔබට ඇය දුටු සැණින් මේ ලංකාවේ නිළියක් යැයි හැගෙන තරමට අදටත් ඇය ජනප්‍රියයි නමුත් මම ඇයගේ මුලාරම්භය ගැන කිවුවොත් වයස අවුරුදු 14දී පමණ ඒ කියන්නේ පාසැල් සමයේදීයි ඇය මෝස්‌තර නිරූපණය ඔස්සේ කලාවට පිවිසෙන්නේ. ගංගු රොෂානා පසුව චිත්‍රපටයකට දායක වීමත් සමඟ නිලියක් බවට පත් වෙනවා. මේ කතාවේ තව ගොඩක් දේවල් තියෙනවා කෙටියෙන්ම පැහැදිලි කිරීමක් තමයි ඒක. කලක් නිහඬව සිටියත් ඇය නැවතත් ශේෂ්ත්‍රයේ කතා බහට ලක් වෙනවා. ඒ “අමුතු මිනිස්සු” නමින් මේ දින වල විකාශනය වන නාට්‍ය හරහා. එදා රාජ්‍ය සම්මාන පවා හිමි කර ගත් ඇයව දැනට දක්නට ලැබෙන්නේ මේ තුලින් පමණක් වීම කණගාටුවට කරුණක්.
ආකර්ශනීය පෙනුමකට වැඩෙනු සරාගී සිරුර නිරන්තරයෙන්ම ඇයව විශේෂිව ඉස්මතු කරන්න සමත් වෙනවා. කලාවට රංගනයට ඇති ආදරය නිසාම කලාව වෙනුවෙන් ගංගු කල කැපකිරීම් ගොඩයි. කාලයක් පුරාවටම මාධ්‍යවේදිනියක් ලෙස විවිධ අවස්ථාවන්හිදී ඇය කෙරෙහි තැබූ විමසිල්ල නිසාම ඇයගේ තොරතුරු ඔබට මේ විදියට මට කියන්න පුළුවන් වෙන්නේ රොෂානා සියල්ල අභිමුව පෙන්වූ දක්ෂතාත් සරාගී පෙනුමට නොදෙනිව තිබූ නිසා.
පාසල් සමයේදීම ශේෂ්ත්‍රයට පිවිසිලා එතනින් එහාට සිය ජිවිතයම කලාව කරගෙන ඇය ගියේ අවංක ගමනක් නමුත් ඒ හැකියාවට අවංකතත්වයට කෙතරම් සාධාරණයක් වුනාද කියන එක ප්‍රශ්නයක්.
ජිවිතේ ගැහැනියක් මුහුණ දෙන විවිධාකාර හැලහැප්පීම් තියෙනවා. ගංගුටත් එහෙම ඇති. සමහරක් ජනප්‍රියත්වය නිසාම ඇති වෙන දේවල්. මෙතැනදී ඉස්මතුවන සම්ප්‍රදායික ප්‍රශ්නය විවාහය, ආදරය, බැදීම් බිද වැටීම් .. ගැන මම ගංගුගෙන් ඇහුවෙ නැහැ. මම දන්නා හදුනන ගංගු වෙනස්ම චරිතයක්. කොහොම වුණත් එම තොරතුරු ඉදිරියේදී ඔබට කියන්න පුළුවන් වේවී. සරලව සැහැල්ලුවෙන් ජීවිතේට මුහුණ දෙන ඇයගේ ජිවිතයේ තවම එහෙම වෙනසක් සිදු වෙලා නැහැ.
ලංකාව ගැන ඇයට තිබෙන්නේ මෙවැන්නක්, ශ්‍රී ලංකාවේ ඉපදීම ගැන මම ඉතාම සතුටු වෙනවා. අපේ රටට කලාවට ආදරය කරන ලස්සන දේ ලස්සනට දකින්න මම හරිම කැමතියි…
ශේෂ්ත්‍රයට නවක මුහුණු අවශ්‍යයි. එහි තර්කයක් නැත. නමුත් නවකයන් සමඟ අනෙක් කලාකරුවන්ටත් තැනක් එන කැමරා රාමුවක් තිබිය යුතුයි. 2020 ගැන කලාකරුවන් බහුතරයකට ඇත්තේ බලාපොරොත්තු ගොන්නකි. සුභවාදී හැඟීමක්. එවැන්නක් ඇයටද ඇත. අපටද ඇත. ඉතිං දෑස් දල්වා ඒ දෙස බල සිටින්නේ 2020දිවත් අලුත් මාවතකට පිවිසුනොත් හොදයි’ කියාය.
කතා කරන්න ඇති බොහෝ දේවල් හමුවේ මේ සටහන මෙහෙම නතර කරනවා. ඒ මට වගේම ඔබටත් තියෙන ඔය ප්‍රශ්න වලට පිළිතුරු ඇය හමුවී ලියන අපේක්ෂාවෙන්