MCC පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව පහත සඳහන් වෙබ් අඩවි ඔස්සේ දැන් මහජනතාවට කියවීමට පිළිවන.
එම වෙබ් අඩවි වන්නේ,
www.president.gov.lk
www.presidentsoffice.lk
www.pmdnews.lk
MCC ව්‍යාපෘතිය සමාලෝචනය කොට වාර්තාවක් ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2020 ජනවාරි 01 වැනි දින සිව්පුද්ගල කමිටුවක් ස්ථාපනය කළේය.
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කමිටු සභාපතිවරයා විය.
ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.
කමිටුවේ අවසන් වාර්තාව 2020 ජූනි 25 වැනි දින මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් විසින් ජනාධිපතිතුමා වෙත භාර දෙනු ලැබීය.