ලාංකීය ශාස්ත්‍රීය සංගීතයේ අමරණීය පවුලක් වූ මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි දෙපළගේ එකම දරුවා වූ අනුරාධා නන්දසිරි ශාස්ත්‍රීය සංගීතයෙන් තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගත් අපුරු සංගීතවේදිනියකි. සංගීත ගුරුවරියකද වන ඇය කලක් එංගලන්තයේ පදිංචිව සිටියා..
පවුලේ අභාෂය සමග ඔබේ ගමනත් සංගීතයෙන් පිරිපුන් වුණා නේද ?
ඔව් අම්මගේ බඩේ ඉන්න කාලේ ඉදලා තමයි සංගීතය ඇගට ආවේ. ඉපදුණ ද ඉදලා ඇහුණේ ජිවත් වුණේ සංගීතය එක්ක. සංගීතය හරියට ශරීරයේ එක අංගයක් වගේ. වයස අවුරුදු 10 වෙනකොට මම සංගීතයේ ප්‍රථමා විභාගයත් කළා.උසස්පෙළ වන විට විශාරද විභාගය කළා. මගේ පියා දුව කියලා මට කවදාවත් විශේෂයක් කළේ නැහැ. අනිත් ළමුත් එක්ක එකටමයි මටත් ඉගැන්නුවේ. මට සටුතුයි ශාස්ත්‍රීය ඔස්සේ මෙහෙම ගමනක් ආපු එකට.
ඔබේ ගමන හෙමින් කියලා හිතෙන්නේ නැත්ද ?
කඩාගෙන දුවන්න මම කැමති නැහැ. දැන් නම් පරිණතයි. ඒත් මට තරුණ කාලෙදිවත් එහෙම ආශාවක් තිබ්බේ නැහැ.
ඔබේ නිරමාණ වල ප්‍රචාරයක් දකින්න නැහැනේ ?
එක තමයි කණගාටුම කාරණය. භාර දුන්නම ප්‍රචාරය කරන්නම් කියනවා ප්‍රචාරය වෙන්නේ නැහැ. “දුටු දින මුල්වර” ගීතය ශේනේස් දිසානායක කරපු ගීතයක්. මෙය ඇමරිකාවේ වෛද්‍ය මාලිකා වීරසුරිය මුල්‍ය දායකත්වය දීලා හොද රූප රචනයක් එක්ක කලේ. ඒවටත් මාධ්‍ය බොහෝ දේ කිවුවා ප්‍රචාරය වුණේ නැහැ.
කොහොමද වසර 8ක එංගලන්ත ජිවිතේ ?
දෙමව්පියන් සහ සංගීතයෙන් බැහැරව ගෙවපු ජිවිතයක්. ඒත් ඒක නෙමෙයි දැන් ගෙවන මෙහෙ ජීවිතෙයි මගේ ජිවිතේ
සහකරුගේ සහයෝගය කොහොමද ?
නිරෝෂ් බණ්ඩාර, ඔහු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරියෙක්. ප්‍රේම සම්බන්දතාවයකින් අපි 2001 දී විවාහ වුණා.නිදහසේ සරලව ජිවිතේ ගෙවනවා.
ජිවිතේ බලාපොරොත්තු මොනවද ?
කවදත් එහෙම ලොකු බලාපොරොත්තු මට තිබ්බේ නැහැ. සිතුවිලි තියෙනවා. අද සමහර ගීත , සංගීතයන් ඇහෙනකොට කලකිරීමක් තියෙනවා. මට අවශ්‍ය දක්ෂ ශාස්ත්‍රීය නව පරපුරක් හදන්න. ඒ ඥානය දෙන කාර්යට කැප වෙනවා.
By Ashanthi W.