එවන විට ජනාධිපතිවරනයක් පැවැත්වීමට කිසිදු අවශ්‍යතාවයක් නොවුයේ තව වසර දෙකක් ඒ සදහා තිබීම නිසාය. මාක්ස්වාදී අදහස් අය එයට විරුද්ධ වෙද්දී ජෝතිෂ්‍ය කරුණු මත පදනම්ව 2015 ජනවාරි 8 ජනාධිපතිවරණය පැවැත්විය. එවිට සුදුවෑන් සස්කෘතිය, අතුරුදහන්වීම් ඝාතන සිවිල් ප්‍රජාව සොබිත හිමියන්ට අනුබල දෙමින් මාදුළුවාවේ සෝභිත හිමිගේ නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වූ වියාපාරය මහින්ද රාජපක්ෂ සමයේ සිදුවුණා යයි කියමින් බොහෝ දේ ඉස්මතු කළේය.
මේ අතර තිරයෙන් පිටුපස සිටි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග මිය මෛත්‍රිපාල සිරිසේන මහතා රජයෙන් ඉවතට ගෙන පොදු අපේක්ෂකයා බවට පත් කරන්නට විශාල කාර්ය භාරයක් ඉටු කළේය.
කෙසේහෝ රාජපක්ෂලාගේ උකුසු ඇසින් බේරී රහසිගතව ඔවුන් ගෙන ගිය මෙහෙයුම කරළියට පැමිණියේ 2014 නොවැම්බර් 14 වනදාය. එදින මෛත්‍රිපාල මහතා සෞක්‍ය අමත්යක්ෂයේ සේවා පත්වීම් 100ක් ලිපි ප්රදානය උත්සවයට සහභාගී වී සිය අවසන් රාජකාරිය අවසන් කළේය. එදින මාධ්‍යවේදීන් එවිට පැතිරී තිබු කටකතා ගැන ඇසු සැටි මතකය. එවිට ඔහු ඒවායින් විහිළුවෙන් බේරී ගිය හැටිද අපට හොදින් මතකය.
කොළඹ නගරශාලාවේදී පොදු අපේක්ෂකයා සම්බන්දයෙන් වූ රැස්වීම ට චන්දිකා කුමාරතංග, රතන හිමි , දුමින්ද දිසානායක , තලතා අතුකොරල, රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු ප්‍රබලයින් සහභාවී වී සිටියේය. අප්පමාදෝ අමතපදන් පමාදෝ මච්චුනෝ පදං යනුවෙන් පටන් ගෙන ශ්‍රීලනිපයේ 47ක කල සේවාව ගැන සිදුකළ හැගීම් බර කතාව ද මතක් කළ යුතුය. පසුදින නොවැම්බර් 24 දළදා මාලිගාවෙන් පොදු අපේක්ෂකයා ලෙස ආශීර්වාද ලබා ගෙන දෙසැම්බර් 4වනදා නාම යෝජනා භාර දුන්නේය. තවත් කිහිප දෙනෙක් නාම යෝජානා දුන්නත් මෛත්‍රී මහින්ද අතර ප්‍රබල ජන්ද සටන පැවතිනි. 2015 ජනවාරි 8 වෙනසක් අපේක්ෂාවෙන් හැට ලක්ෂයක් වූ ජනතාව සිය ජන්දය ප්‍රකාශ කළේ ජන වරම මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දෙමිණි.
මැතිවරණ ප්‍රථිපල හමුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම කෙරෙහි ප්රමුඛත්වයක් දී තිබුනි. යහපාලනය, නීතියේ ආධිපත්‍යය, ප්රජාතන්ත්රවාදී භාවිතාවන්, දූෂණයට එරෙහිව කරන අරගලය, ජීවන වියදම, රැකියා අවස්ථා, සෞඛ්‍ය සේවාවන් හා අධ්‍යාපන පහසුකම් සඳහා වඩා හොඳ ප්රවේශයන් ලබා දීම වැනි වෙනත් බොහෝ කරුණු ද මෙම මැතිවරණ ව්‍යාපාරයේදී අවධාරනය කරන ලදී. සංඛ්‍යාලේඛණ අනුව මැතිවරණ ප්‍රතිඵල බෙදා දැක්වීමෙන් පෙන්වා දෙනු ලබන්නේ මෛත්‍රීපාල සිරිසේනට ලැබී ඇති ඡන්දවලින් සියයට 84 ක්ම රටේ උතුරු නැගෙනහිරට අයත් නොවන ප්‍රදේශවලින් ලැබී තිබෙන බවයි.
රාජපක්ෂ රෙජිමයත්, එහි පන්දම් කරුවෝත් මුළු රට ම ආවරණය කරන පරිදි ඒක සංස්කෘතික වූත්, ජාතිකවාදී සහ ජාතිවාදී වූත් ප්‍රචාරයන් මත පදනම් කර ගත් දැවැන්ත රූපවාහිනී හා ගුවන් විදුලි ප්‍රචාරණයක් ගෙන ගිය හ. මෙමගින් වඩා ජාතිවාදී ලෙස සිතන සිංහලයන් රාජපක්ෂට ඡන්දය දෙන්නට ද, දෙමළ ජනයා වැඩියෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට ඡන්දය දෙන්නට ද පොළඹවා ලන්නට ඇත. සමහර බෙදුම්වාදී හා ජාතිවාදී කණ්ඩායම් සහ ඇතැම් රුඩිකල් වාදී කණ්ඩායම් මැතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලා සිටි බව අපි දනිමු. එසේ කිරීම ඔවුන්ට ඇති ධනේශ්වර ප්රජාතන්ත්රවාදී අයිතිය භාවිතා කිරීමක් වූවත් එසේ කිරීමෙන් ඔවුන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය ඔවුන් විසින්ම ඵලදායක ලෙස අහිමි කොට ගෙන ඇත. ඡන්ද දායකයන්ගෙන් සියයට 20ක් පමණ ඡන්දය නොදී සිටීම සදහා පොළඹවන්නට තමන්ට හැකි වූ බව ඔවුන් ප්‍රකාශ කර සිටින්නට පුළුවන.
මේ ජනාධිපතිවරණය ගණන් කැරෙමින් ගෙවෙන සමයකි. එදා මිට අමතරව තවත් දේ සිදුවිය. අද සජිත් ප්‍රේමදාස මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ප්‍රබල සටන සිදු වෙමින් තිබේ. ජනතාවගේ තීරණය තව නොබෝ වෙලාවකින් ප්‍රකාශ කල හැකිය
ජනාධිපතිවරණය 2015 |
||
සමස්ත ඡන්ද ප්‍රතිඵලය | ||
ජනාධිපති අපේක්ෂකයා |
ලබා ගත් ඡන්ද සංඛ්‍යාව |
ඡන්ද ප්‍රතිශතය |
මෛත්‍රීපාල සිරිසේන | 6217162 | 51.28% |
මහින්ද රාජපක්ෂ | 5768090 | 47.58% |
වලංගු ඡන්ද සංඛ්‍යාව |
12123452 | 98.85% |
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව |
140925 | 1.15% |
ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව |
12264377 | 81.52% |
ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව |