ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව ලාංකීය දේශපාලනය තුළ ආන්දෝලනාත්මක අවස්ථාවකි. 1948 අංක 18 දරන පුරවැසි පනතේ 19, 20 සහ 21 යන වගන්ති වලට අනුව ශ්‍රී ලාංකීක පුරවැසියකු ඔහුගේ හෝ ඇයගේ මෙරට පුරවැසිභාවය වෙනත් රටක පුරවැසිභාවය ලැබීමෙන් අහෝසි වී යනු ඇත.
එලෙසින් අහිමිවන ශ්‍රී ලාංකීය පුරවැසිබව නැවත ලබාගැනීමට හෝ එය අවසන් නොවී පවත්වා ගැනීමට අවශ්‍ය ෛනතික රාමුව එම පනතේම19(2) සහ 19(3) යන වගන්ති යටතේ දක්වා ඇති අතර එම විධිවිධාන තවමත් අහෝසි කර නොමැත. ඒනිසා ද්විත්ව පුරවැසිභාවය සතු පුද්ගලයෙක් හට ඔහුගේ ශ්‍රී ලාංකීය පුරවැසිභාවය අහිමිවීමක් හෝ යළි පුරවැසි බව ලබාගැනීමට කිසිදු බාධාවක් හෝ සීමාවකට යටත් කර නොමැත.
නමුත් ගීතා කුමාරසිංහ මහත්මියට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකට සිය මන්ත්‍රී ධුර අහිමි වීමේ අවධානමක් පවතී. මෙය කරලියට පැමිණෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ දැනට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද්විත්ව පුරවැසිභාවය හිමිකර ගෙන සිටින මන්ත්‍රීවරුන් තිදෙනකු මීළඟට මැතිවරණය එළඹීමට පෙර එක් රටක පුරවැසිභාවයකින් ඉවත්වීමට තීරණයකිරීමෙනි. මේ තීරණයට අනුව ඔවුන් තිදෙනා ලබන වසරේ මුල් මස දෙක තුළ සිය විදේශ පුරවැසිභාවයෙන් ඉවත් වීමට කටයුතු කරන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේය.
ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලැබූවන් පාර්ලිමේන්තුවෙන් ඉවත්කර තැබීම සැබවින්ම අර්ථ විරහිත ක්‍රියාවකි. උපන් බිමේ බිම් අගලක හෝ උරුමක් නැති අයෙකු වුවත් රටට සේවය කිරීම උදෙසා කටයතු කරන්නේ නම් එයට අවස්ථාව ලබාදිය යුතුය. ද්විත්ව පුරවැසිභාවය මත මන්ත්‍රී ධුරය අහිමි කිරීම හුදෙක් දේශපාලන කාරණයක් විනා රටේ යහපතට ගනු ලබන තීරණයක් ලෙස සිතිය නොහැකිය. රටේ ජනතාවට ඉන් කිසිදු විශේෂ වාසියක් නැත. රාජ්‍ය පාලකයන් ජනතාවගේ අභිලාෂයන් හැකි උපරිම අන්දමින් මුදුන් පත් කිරීමට කළ යුතු අතර මෙවැනි දේශපාලන කරණා කෙරේ මුල් තැන දීම විහිළුවකි. රටේ අනාගතය වෙනුවෙන් වඩාත් වැදගත් වන තීන්දු තීරණ ගන්නා ආයතන කෙරෙහි ද්විත්ව පුරවැසිභාවය අදාළ කර ගැනීම සැබවින්ම අර්ථ විරහිතය.
සටහන – පබසරා රාජකරුණා