1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු වගන්තිය තුළ ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට පත්කර ඇත. එනමුත් ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය හෝ ජනතා පරමාධිපත්‍යයට ගරු කිරීමක් දක්නට නොමැත. මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු යන මන්ත්‍රීන් සිය පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව පක්ෂ මාරු කරති. මෙය සමානුපාතික නියෝජන ක්‍රමයේ ඇති දුර්වලතාවයකි. ශ්‍රී ලාංකීය දේශපාලන ක්‍රමවේදය සකස් වී ඇත්තේ දේශපාලන පක්ෂ ක්‍රමය මතයි.
සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ අපේක්ෂකයා හා ඡන්දදායකයා අතර සෘජු සම්බන්ධතාවක් ඇතිවී නැති අතර පක්ෂයට මුල්තැන ලැබී ඇත. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ එක් එක් පක්ෂ ලබා ගත් ඡන්ද ප්‍රතිශත අනුව මන්ත්‍රීවරු බෙදියාමේදී අනිවාර්යෙන්ම දුර්වල පාර්ලිමේන්තු නිර්මාණය වන අතර 2009 වසරේ හැර කිසිම දේශපාලන පක්ෂයක් පාර්ලිමේන්තුවේ 113 ක බහුතරයක් ලබා ගැනීමට සමත්ව නැහැ. එම නිසා ආණ්ඩු පිහිටුවීමට වෙනත් පක්ෂ හා පුද්ගලයන්ගේ සහභාගිත්වයෙන් සභාග ආණ්ඩු නිර්මාණය කරන අතර මේ හරහා සිදුවන්නේ දේශපාලන පිල් මාරුවයි. පසුගිය ඔක්තෝම්බර් මස ජනධිපතිවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මන්ත්‍රීවරු මිලියන 500ක් වැනි මුදලකට විකිනෙන බවයි. පළමු පක්‌ෂ මාරුව සිදුවූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා එක්‌සත් ජාතික පක්‌ෂයෙන් ඉවත්ව තවත් පාක්‌ෂිකයන් කීපදෙනකු සමඟ මහජන එක්‌සත් පෙරමුණට සම්බන්ධ වීමෙනි.1956 සිදු වූ පෙරළියත් සමඟ දේශයට ලැදි, දේශීයත්වය අගයන පිරිසෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය බිහිවිය.
ජනතා කැමැත්තෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වන අපේක්ෂකයන් ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී නොසිට මුදලට පක්ෂ මාරු කරමින් සිය පෞද්ගලික අභිමතාර්ථ ඉටුකර ගැනීම ජනතාවට කරන සුවිශාල අපරාධයකි. එවැනි පුද්ගලයන් සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම ජනතාවගේ වගකීමකි. මෙවැනි අවස්ථාවන්හිදී මහජනතාවට අධිකරණයේ පිහිට පැතීමට ක්‍රමයක් නිර්මාණය කළ යුතු අතර මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි වන ආකාරයෙන් නව නීති සැදීමේ අවශ්‍යතාව මතුව ඇත.
සටහන : පබසරා රාජකරුණා