බුද්ධික දමයන්ත නාට්‍ය කලාවේ විවිධ භූමිකාවන් රැසක් නිරූපණය කරණ තරුණ නාට්‍ය කරුවෙක්. වසර විස්සකර අධික කාලයක් තුල කැපීපෙනෙන නාට්‍ය නිර්මාණයන් රැසක් නිර්මාණය කල බුද්ධික වත්මන් නාට්‍ය කලාව පිළිබද කතාබහකට බොස්ටන් ලංකා අප සමග මෙසේ එක්විය.
දැනට වසර කීපයකට පෙර තවත් නාට්‍ය කරුවෙකු වෙන ධනංජය කරුණාරත්න විසින් ඔබගේ ජීවිත කතාව කරළියට ගෙනාවා ”බුද්ධිකයගෙ කතාව”= නමින්. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
මේ නාට්‍ය නිර්මාණ වලට කියන්නේ බයෝග‍්‍රැෆිකල් තියටර් කියලයි. ධනංජය කරුණාරත්නට ඕන වුනා ඇත්තටම නාට්‍ය කලාවෙන් ජීවිතය කෙලවගත්ත නාට්‍ය කරුවෙක්ගෙ අත්දැකීම් පේ‍්‍රක්‍ෂකයා හමුවට ගේන්න. ඉතිං ධනංජය මුල් කාලයේ ඉදං මගේ මිත‍්‍රයෙක් නිසාත්, මම ගැන පෞද්ගලිකව දන්න නිසාත්, මගේ කෙලවීම ගැන අවබෝධයක් තියෙන නිසාත් මාව ඒ නිර්මාණයට තෝරගත්ත. නාට්‍ය කියන්නේම ඇත්ත නෙවේ. අන්න ඒක අපි මුලින්ම අවබෝධ කරගන්න ඕන. ඉතිං මේ නාට්‍යයේත් මගේ ජීවිතය පිලිබ`ද අර්ධවූ සත්‍යයකුත්, ධනංජය වසින් නිර්මාණය කරපු කොටසකුත් තියෙනවා. මේ හැම දේකටම මම එක`ගවුණු නිසා තමයි මම ඒ නිර්මාණය කිරීමට යොමුවුනේ.
ඇයි ඔබ ඔබට කෙලවෙලා කියල කියන්නේ?
මට කෙලවෙලා කියන එක ගැන මට අවබෝධයක් තියෙන නිසා.
ඔබ හිතන විදියට කවුද මේකට වගකියන්න ඕන?
කවුරුත් වගකියන්න ඕන නෑ. මේකට මම මයි වගකියන්න ඕන. කිසිම කෙනෙක් මට නාට්‍ය කරන්න කීවෙත් නෑනෙ. මම 94 මුල්ම නාට්‍ය කරනකොටම දන්නවා මට කෙළවෙනවා කියල. එහෙම දැන දැනත් මේ කලාවට තියෙන ආසාව නිසා තමයි මම එදත් නාට්‍ය කරේ. ඒ ආශාව අදත් ඉවරවෙලා නෑ. හෙටත් ඉවර වෙන්නේ නෑ. හැබැයි මේවගේ තක්කඩි, කාලකන්නි පාලකයොයි, නළධාරියොයි, කලාකාරයොයි ඉන්න රටක සැබෑ නාට්‍ය කලාවක් කිරීමට යොමුවීම ගැන මට දුකක් නං තියෙනවා. මේක නාට්‍ය කලාව ගැන දුකක් නං නෙවෙයි.
එතකොට ඔබ තවමත් නාට්‍ය කලාවේ නිරතවෙන්නේ ඇයි?
මම නාට්‍ය කරන්නේ නැතුව වෙන මොනවා කරන්නද. මැටි වැඩ කරන්නද?
මේක ලංකාවේ වෘත්තීය නාට්‍ය කලාවක් ගොඩනැගීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර නොතිබීමෙන් ඇතිවී ඇති තත්ත්වයක් නේද?
මේ රටේ ඇත්තටම වෘත්තිමය නාට්‍ය කලාවක් ඇත්තේ නෑ, වෘත්තිමය නාට්‍යකාරයොත් නෑ. ඒ අය ජිවත් වෙන්න විවිද දේවල් කරමින් තමයි නාට්‍ය කාලව කරන්නේ. හැබැයි මම නං පූර්ණකාලීනව, වෘත්තීය වශයෙන්ම නාට්‍ය කලාව තමයි කරන්නෙ. අද වෙලා තියෙන්නේ මොකද්ද? නාට්‍ය කරන්න එක කෙනාගේ ඉදිරි ජීවිතය ගොඩන`ගාගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරල තියෙනවද? අවුරුද්දකට කැම්පස් වලිනුයි, තවත් එක එක නාට්‍ය සම්බන්ධ කොස් වලිනුයි කොයි තරම්නම් ළමයි ප‍්‍රමාණයක් සමාජයට යොමුකරනවාද, ඇයි මේවගේන නාට්‍ය කාරයෝ බිහිවෙන්නේ නැත්තේ. එක්කෝ කොහේ හරි ඈත ඉස්කෝලෙකට ගිහින් අදාළම නැති විෂයක් උගන්නියි. නැත්තං කවුරුහරි ටෙලිනාට්‍ය මුදලාලි කෙනෙක් පැහැරගනියි. මේක ඒ අයගේ වරදක් නෙවේ. මේ ක‍්‍රමේ වරදක්. කිස්ම දේකට ස්ථිර ජාතික ප‍්‍රතිපත්තියක් නැති රටේ නාට්‍ය කලාව වෘත්තිය විදියට කරන්න පු`ඵවන් වෙයිද? මේකට ඇත්තටම අපි රටක් කියල කිව්වට ඇත්තටම මේක මාකට් එකක්. මේකෙ හැදෙන්නේ මුදලාලිලයි ෆුඞ් කෝටුයි විතරයි. මේ අය තමයි රටේ හැමදෙයක්ම අද තීරණය කරන්නේ.
නාට්‍ය කරුවන්ට අවශ්‍ය මේ පරිසරය ඒ අය විසින්ම නේද ගොඩන`ගා ගත යුත්තේ?
ඇත්ත, මේ පරිසරය සරච්චන්‍ද්‍රමහත්තයාගේ ඉදන් අද වෙනකං කිසිම කෙනෙක් ගොඩ නැ`ගුවෙත් නෑ. අපි ඉදිරි පරම්පරාවට මේක ගොඩනගන්නෙත් නෑ. ඉදිරියේ එන අය මේක කරයි කියන විශ්වාසයකුත් නෑ. හැම කෙනාම මේක ඇතුලේ තමන්ගේ ගේම ගහල කෑල්ලක් කොහොමද කඩාගන්නේ කියන ප්ලෑන් එකේ තමයි ඉන්නේ. ඕක තමයි කලාව කියල අපි අද කරන්නෙ. එහෙම නැතිව සමාජයේ හෝ ඉදිරි පරම්පරාවේ පැවැත්ම වෙනුවෙන් කරන කිසිම දෙයක් නෑ. මම නං මගේ දරුවො කැමති වුනත් නාට්‍ය කලාවටනං එන්න ඉඩදෙන්නෙ නෑ.
එතකොට කොහොමද මේක ආරම්භ කල යුත්තේ?
මේක ඇත්තටම මේ ක‍්‍රමේ වෙනස් කිරීමකින් තමයි ආරම්භ කරන්න ඕන. පහුගිය කාලේ කලාකරුවෝ එකතුවෙලා නොයක් විදියේ සාකච්ඡුාවන් කරා. මං හිත්න්නේ ඇමරිකාවත් හ`දට යන්න ඒ තරං සකච්ඡුා කරන්න නැතුව ඇති. චන්ද කාලෙදි කලාව දඩමීමා කරගෙන එක එක දේශපාලකයන් පස්සෙ ගියා. මොකද අන්තිමේදි උනේ කලාකාරයොයි දේශපාලකයොයි තම තමන්ගෙ පෞද්ගලික අරමුණු වලට ගියා ප‍්‍රශ්ණ එතනමයි. මේක ඔ`ඵගෙඩි මාරු කරල විසදන්න පු`ඵන් දෙයක් නෙවේ. මොකද දේශපාලකයො දන්නව මොනව කළත් තමන්ගේ පිටුපස්සෙ යන පිරිසක් ඉන්නවා කියල. මෙන්න මේකයි වෙනස් කරන්න ඕන. බුද්ධිමත් ජනතාවක් නිර්මාණය කරගැනිමයි අවශ්‍ය.
එතකොට ඔබේ නාට්‍ය කිරීමේ අරමුණ මොකද්ද?
සමාජයේ මම දකින අවුල ජනතාවට නාට්‍ය ම`ගින් ප‍්‍රකාශ කිරීම තමයි මගේ අරමුණ. සමාජයේ හැමෝම තාම දූෂණය වෙලා නෑ. හිතන පතන යම් පිරිසක් තාමත් ඉන්නවා. මේ ජනතාවට ඥාණය වහ වහා ලබාදියයුතුයි. මේ කාර්යය කවුරුන් හෝ කලයුතුයි. මේ කාර්යය තමයි මම මගේ නිර්මාණ ම`ගින් කරගෙන යන්නේ.
පාලිත අබේලාල්