සන්නිවේදන විෂය ක්ත‍්‍රයේ ප‍්‍රාමාණික විද්වතෙකු වන ඔහු, ඒ හා සම්බන්ධව විවිධ වූ පර්යේෂණ රැසක් සිදුකළ අයෙකි. මහා සමයම දෘෂ්‍ය කාව්‍ය නිර්මාණය තුළින් පේ‍්‍රක්‍ෂකයන් අතර කතාබහට ලක්වූ ඔහු නමින් මහාචාරය ආරියරත්න ඇතුගලයන් ය. එතුමන්ගේ නවතම නාට්‍ය නිර්මාණය ‘මහාසුපින’ මේ මස 05 වන දින සවස 5.30 කැලණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාවේදී රංග ගත වේ.
ඔබගේ නවතම නාට්‍යය පිළිබඳ මුලින්ම අපට පැහැදිළි කිරීමක් කළොත්?
මගේ මෙවර නිර්මාණයට පාදක වෙන්නේ ජාතක කතා පොතේ එන මහාසුපින කියන ජාතය. මේ ජාතකයේදී සිහින දහසයක් ගැනයි සාකච්ඡා වෙන්නේ. මේ සිහින වලින් අපේ මානව ධර්මතා, අපි හිතන ආකාරය, අපේ වර්තමානය සහ අනාගතය සම්බන්ධයෙන් වැදගත් හෙළිකිරීම් ගණනාවක් සිදුකරනවා. මේ නිසා මේ ආශ‍්‍රයෙන් නිර්මාණක් කළ යුතුයි කියන අදහස මගේ සිතට නැඟුනා.
ඔබ නැවතත් අතීතයට ගොස් වස්තුබීජ හොයා යාමක නිරතවෙනවා. මේකට හේතුව මොකද්ද?
මම විශ්වාස කරන ආකාරයට නූතන ඥාණය හොයාගැනීමට පුළුවන් එක ප‍්‍රදේශයක් තමයි සාම්ප‍්‍රදායික නැත්නම් පැරණි දැනුම. මේ දැනුම දීර්ඝ කාලීනව පැවත එමින් මනාව ඔපමට්ටම් වුන එකක්. මේ සාම්ප‍්‍රදායික කලාව තුළ ඉතා ගැඹුරු මානව සම්බන්ධතා රැසක් අපිට අත් දැකීමට හැකියාව ලැබෙනවා. අපේ පැරණි සාහිත්‍ය කෘති අතරින ජාතක පොත කියන්නේ ඉතා වැදගත් මෙන්ම සාරගර්භ සාහිත්‍ය කෘතියක්. ඒ වගේම මේ කෘතියේ තියෙන විශේෂත්වය තමයි පශ්චාත් නව්‍ය අදහස් පවා මේ කෘතියේ අන්තර් ගත වීම. මේ නිසා පැරණි ලියවිල්ලක් වුනත් වර්තමානයටත් මේ ලිවීමේ වල වලංගු භාවක් පවතිනවා. ඒ වගේම මේ ජාතක කතාවේ ඇත්තටම කතාවක් නෑ. මේ නිසා කතාවක් විදියට මේ ආකෘතියම නවිනයි කියල තමයි මගේ අදහස.
සාහිත්‍යමය ලියවීමක් නාට්‍යකට පෙරළීමේදී ඔබ මොනවගේ ශිල්ප ක‍්‍රමද භාවිත කිරීමට යොමුවුනේ?
මේ නාට්‍යයේ අපිට සම්මත නාට්‍ය වල දකින්නට ලැබෙන රේඛීය ලක්‍ෂණ දකිනිට ලැබෙන්නේ නැහැ. විවිධ කලා ආභාෂයන් ලැබූ දේවල් මේ නිර්මාණයේ අඩංගු වෙනවා. මේ නිසා මූලික වශයෙන් නාට්‍ය ධර්මය මත පිහිටා වගේම ඉන් බැහැරවත් සමහර ශිල්ප ක‍්‍රම භාවිත කිරීමට යොමුවෙනවා. මේ නිසා සාම්ප‍්‍රදායික නාට්‍ය වර්ග කිරීම අනුව මේක නාට්‍ය ධර්මී නාට්‍යයක් හෝ ස්වභාවික වගේ නාට්‍ය වර්ග කිරීමකට කොටු කිරීමටත් මට හැකියාවක් නැහැ. මේක හුදෙක් නාට්‍යමය ප‍්‍රකාශනයක් විදියට තමයි හැඳින්වීමට පුළුවන් වෙන්නේ.
ඔබගේ මේ නිර්මාණය වැඩෙන්නේ විශ්වවිද්‍යාල පරිසරයේ වගේම එයට වැඩි දායකත්වයක් දක්වන්නේද විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්. මෙහි විශේෂත්වයක් පවතිනවද?
වසර ගණනාවක විශ්වවිද්‍යාල ආචාර්ය වරයෙක් විදියට මම ලබපු අත්දැකීම තමයි මේ වශ්වවිද්‍යාල විද්‍යාථීන් සහ බාහිර සමාජය අතර නිර්මාණය වී ඇති විශාල පරතරය. මේවැනි පරතරයක් ඇතිවීමට හේතු වී ඇත්තේ මේ දෙපිරිස අතර නිසියාකාර සන්නිවේදන කාර්යයක් නොතිබීම. මේ නිර්මාණය හරයා මේ බාහිර සමාජය කියැවීමක නිරතවීමට අවකාශය ලබාදීමක් ද වෙනවා. එයින් මේ පරතරය යම් ආකාරයකට පිරවීමකට උත්සහ කිරීම එක් උත්සාහයක්. මේක ඇත්තටම එක්තරා අාකාරයකට සංස්කෘතික කාර්යයක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මීට අමතරව අද විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සාම්ප‍්‍රදායික දේශන ශාලාවට, දේශනයට, සටහනට කොටුවී ඇති තත්ත්වයක් නිර්මාණය වී තියෙනවා. මේ නිසා මේ සටහන් කියවන සම්ප‍්‍රදායෙන් විද්‍යාර්ථීන් බැහැරට අරගෙන සමාජීය කාර්යයන් වෙනුවෙන් මැදිහත් වන, ඒ සම්බන්ධයෙන් සැබෑ හැඟීමක් ඇති, පෞරුෂයෙන් යුක්ත පිරිසක් නිර්මාණය කිරීමත් මේ කාර්යයේ එක අරමුණක් වෙනවා. මේ කාර්යය නාට්‍යමය ආවේශයක් මඟින් සාර්ථකව කළහැකිය කියන විශ්වාසය මා තුළ පවතිනව.
ඔබගේ ‘මහසමයම’ නිර්මාණය සාමාන්‍ය ජනතාවගෙන් බැහරව විශේෂිත පිරිසකගේ අවධානයට පමණක් යොමුවූ නිර්මාණය බවට පත්වුනා. මේ නිර්මාණයක් ඒ වගේද?
මම නම් කොහෙත්ම ඔය අදහසට එකඟ වෙන්නේ නැහැ. මොකද අනුරාධපුරය වගේ ඉතා දුර පළාත්වල ඉදන් බස් පිටින් මගේ ‘මහසමය’ නාට්‍ය බැලීමට පැමිණියා. සාමාන්‍යයෙන් මේ වගේ නාට්‍යයක් අවුරුද්දකට දර්ශණ වාර දහයක් පවත්වන්නේ නැහැ. මම ඒ කාර්යය කළා. හිස් පුටුවලට නෙවේ. සම්පූර්ණයෙන්ම සෙනඟ පිරිල ඉන්න ෙප්‍ර්ක්‍ෂකාගාරයකට. සමහර විදේශීය රටවල ප්‍රේක්‍ෂකයන් මහසමයම නාට්‍ය පෙන්වන දිනය බලල ලංකාවට ඒමේ ප‍්‍රවණතාවක් පවා ගොඩනැ`ගුනා. මේ නිර්මාණය සමඟ රසය හොයන, අලූත් අදහස් හොයන, ඒ පිළිබ`දව හැ`ගීමක් ඇති පිරිස් මගේ නිර්මාණ වටා එක්වීම සිදුවුනා.
එතකොට ජංගම නාට්‍ය කලාව ඔබ විශ්වාස කරන්නෙ නැද්ද?
ඇත්තටම ලෝකෙ සාකච්ඡා කෙරෙන්නේ ජංගම නාට්‍ය නෙවේ. මම මේකෙන් කොහෙත්ම අදහස් කරන්නේ නෑ ජංගම නාට්‍ය කලාව වැරදියි කියල. උදාහරණයක් විදියට අපි රුවන්වැලි සෑය වදින්න යනවනම් ඒ වෙනුවෙන් කාලයක් වෙන්කරගෙන, භක්තියෙන් අවබෝධයක් අතිව තමයි යන්නේ. දැන් ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි ඔපෙරා හෝ ලන්ඩන් ඔපෙරා ගත්තොත් ඒ නිර්මාණ එකම රඟහලක තමයි පවතින්නේ. ඒ වෙත විවිධ විවිධ පරිස් පැමිණීමයි සිදුවෙන්නේ. මේ වගේ සංස්කෘතියක් අපේ රටේද නිර්මාණ විය යුතුයි කියලයි මම හිතන්නේ.
ඔබේ ‘මහසමයම’ නාට්‍ය මඟින් ලංකාවේ නාට්‍යකලාවේ යම් වෙනසක් සිදුවුනා කියන අදහස ඔබට තියෙනවාද?
ඒ සම්බන්ධයෙන් අදහසක් නෙවේ, සාක්‍ෂි තියෙනවා. ලංකාවේ හිටපු සහ දැනට ජීවත්වන ප‍්‍රධාන පෙළේ උගතුන් මේ සම්බන්ධයෙන් විවිධාකාර ලියවීම් වලින් සාධනීය කාරණා මතුකර තියෙනවා. අනිත් පසින් මේක නරඹපු පිරිසකගේ අත්දැකීම් සහ ඒ අයගේ අදහස් තාමති සමාජයේ තියෙනවා. මේ නිසා මේ නිර්මාණයේන ලබපු අත්දැකීම් හුළගේ ගිහින් නැහැ. මේ නිර්මාණ නැවත් පෙන්වීමට හෝ ඒ පිළිබ`ද කතාබහක් සමාජය තුළ නොවීම නිසා මේ නිර්මාණ මිය යාමේ තත්ත්වකට පත්වී තියෙනවා. අද මමත් ඒ ඛෙදවාචකයට අහුුවුණු නිර්මාණකරුවෙක්.
පාලිත අබේලාල්