ඉන්ධන පරිභෝජනය සීමා කිරීමේ අරමුණින් හඳුන්වාදුන් QR කේත ක්‍රමය සඳහා මේ දක්වා ලක්ෂ 60කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශ, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඒ අනුව ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණය අලුතින් ලියාපදිංචිවී ඇති බව ද අමාත්‍යවරයා අනාවරණ කරයි.
QR කේත ක්‍රමය සඳහා ලියාපදිංචිවීමට නොහැකි බවට ලැබුණු පැමිණිලි සියල්ලෙහි දෝෂ සියල්ල මේ දක්වා නිරාකරණය කර තිබේ.
පවතින තත්ත්වයට අනුව ඉන්ධන පරිභෝජනය හැකි තරම් සීමා කරන ලෙසට ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
මේ අතර QR කේතය අනීතිකව බාගත කිරීම් කළ දුරකථන අංක 153ක් හඳුනාගෙන ඇති බව අමාත්‍යවරයා කීය.
ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලීසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.
මේ අතර දිවයින පුරා නීතිවිරෝධී අයුරින් ඉන්ධන ගබඩා කිරීමේ රැසක් වාර්තාවී ඇත.
ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍ය නලින්ද ජයතිස්සා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

