අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති (විශ්රාමික) අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාව යළිත් එළැඹෙන අගෝස්තු මස 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
ඒ අද (30) පොල්ගහවෙල මහෙස්ත්රාත් අධිකරණය ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
නාවික හමුදා බුද්ධි අධ්යක්ෂකවරයා ලෙස කටයුතු කළ සමයේ පොතුහැර ප්රදේශයේ සිදුව ඇති පුද්ගල පැහැර ගැනීමක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු නාවික හමුදාපතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසු ගිය 28වනදා අත්අඩංගුවට ගැනුණි.
ඒ අනුව, හිටපු නාවික හමුදාපතිවරයාව එදින පොල්ගහවෙල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්රාත්වරයා නියෝග කළේ සැකකරු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.

