හබරණ බිහිසුණු බස් අනතුරක් – 10කට තුවාල…..

News Iamges.00_00_00_00.Still1765

හබරණ, පොළොන්නරුව මාර්ගයේ මින්නේරිය ප්‍රදේශයේදී සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ ඇඟලුම් සේවකයින් ප්‍රවාහනය කරන බස් රථයක් තවත් බස්රථයක සහ ගොයම් කපන යන්ත්‍රයක් ප්‍රවාහන කරමින් තිබූ ට්‍රැක්ටරයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

අනතුරින් බස්රථවල ගමන් ගත් හත් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා හබරණ සහ පොළොන්නරුව රෝහල්වලට ඇතුළත් කර තිබේ.

ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බැවින් දඹුල්ල රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලීසිය පැවසුවේය.